ස්විට්සර්ලන්ත ජාතිකයෙකු වන ස්ටැනිස්ලාස් වව්රින්කා ප්‍රථමවතාවට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති පළමු අර්ධ අවසන් තරගයේදී ලොව අංක අට ක්‍රීඩක වව්රින්කා හමුවේ පරාජයට පත්වූයේ ලොව අංක 7 ටෙනිස් ක්‍රීඩක චෙක්රිපබ්ලික් ජනරජයේ තෝමස් බෙර්ඩෙච්ය.
28 හැවිරිදි වව්රින්කා 6-3, 7-6 (1/7), 7-6 (7/3) සහ 7-6 (7/4) ක් ලෙසින් තෝමස් පරාජය පත් කළේය. ඒ අනුව අද පැවැත්වෙන දෙවැනි අර්ධ අවසන් තරගයෙන් ජයග්‍රහණය හිමිකරගන්නා රෆායල් නඩාල් හෝ රෝජර් ෆෙඩරර් සමගින් වව්රින්කා ඔස්ට්‍රේලියානු කිරුළ වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
දමින්ද ප්‍රදීප්