නිමාවට පත්වූ පන්දුවාර විස්සයි20 ලෝක කුසලන තරගාවලියේ ශූරයන් වූ ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයන්ට ඩොලර් මිලියන 1.5 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 195ක්) ක මුදලක් ගෙවීමට ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ කොන්ත්රාත් ගිවිසුම් අත්සන් නොකිරීමෙන් ක්රීඩකයන් හා ක්රිකට් ආයතනය අතර පැවැති ගැටලුව නිමාවට පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා හා ශ්රී ලංකා ක්රිකට් ආයතයේ භාණ්ඩාගාරික නුෂ්කි මොහොමඩ් මහතාගෙන් යුත් කමිටුවක් හා ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අතර ඊයේ (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ මෙන්ම ආසියානු ක්රිකට් කවුන්සිලයේ තරග සඳහා සහභාගීවීමෙන් ලැබෙන මුදලින් 10%ක් ක්රීඩකයන්ට ගෙවීමට ක්රිකට් ආයතනයේ එකඟතාව පළවී තිබේ.
ඒ අනුව එයට ක්රීඩකයන්ගේ එකඟතාව පළවී තිබෙන හෙයින් වාර්ෂික කොන්ත්රාත් ගිවිසුම් අත්සන් කිරීමට ඔවුන් එකඟවී තිබෙන බවත් ක්රිකට් ආයතනය සඳහන් කරයි.
මෙම තීරණය ඉදිරි වර්ෂ පහ සඳහා බලපැවැත්වෙන පරිදි ගෙන තිබේ. නමුත් එය නිමාවට පත්වූ පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට අදාළ නොවෙනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.