ලන්ඩන් මැරතන් තරගාවලියේ 2010 වර්ෂයේ ජයග්‍රාහිකාව බවට පත් වූ රුසියාවේ ලිලියා ෂුබිකෝවා හට ස්ටර්ලින් පවුම් 37,7000 (රුපියල් මිලියන 75.4) ක මුදලක් වන්දි මුදල් වශයෙන් ගෙවීමට නියම කිරීමට තරගාවලියේ සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ ෂොබුකෝවා තහනම් උත්තේජක පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් වැරදිකාරියවීම නිසායි.
ෂිබුල්කෝවා 2010 වර්ෂයේදී තරගාවලියේ ජයග්‍රාහිකාව මෙන්ම 2011 වර්ෂයේදී තරගාවලියේ අනුශූරියද බවට පත් විය. මෙහිදී ඇයට නැවත ගෙවීමට නියම වී ඇත්තේ එම අවස්ථා දෙකේදීම ඇයට ලැබුණු ත්‍යාග මුදල්ය.
මෙම තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් ෂොබුල්කෝවාට සිය පදක්කමද අහිමි වූ අතර එය හිමි වූයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් ඉතියෝපියාවේ බෙතුනිෂ් බෙකෙලේ හටයි.