2014 ලන්ඩන් මැරතන් තරගය දෙවැනි වතාවටත් ජය ගැනීමට කෙන්නියාවේ විල්සන් කිප්සැන්ග් සමත්වූයේය. ඔහු මෙවර ලන්ඩන් මැරතන් තරගය ජය ගනු ලැබුවේ දෙවැනි වතාවටය. කිප්සැන්ග් මෙවර ලන්ඩන් මැරතන් තරගය නිම කරනු ලැබුවේ පැය 2 විනාඩි 4 තත්තපර 27කිනි. එය නව තරග වාර්තාවක්ද විය.
තරගයේ කාන්තා අංශයේ ජය කෙන්යාවේම දිගු දුර දිවීමේ ක්රීඩිකාවක් වන එඩ්නා කිප්ලැගට් විසින් දිනාගනු ලැබුවාය. මෙවර ලන්ඩන් මැරතන් තරගය සඳහා ප්රථමවරට එංගලන්ත ඔලිම්පික් රන් පදක්කම් ලාභී දිගු දුර දිවීමේ ක්රීඩක මෝ ෆරාද එක්ව සිටියේය. නමුත් ඔහුට එහිදී හිමිවුයේ 8වැනි ස්ථානයයි.