නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයට අලුත් වටිනාකමක් එක්කරමින් වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකිරීමට රොස් ටේලර් අද (16දා) සමත් විය.
සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පර්ත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 290ක් රැස්කිරීමට රොස් ටේලර් සමත්වූ අතර, එය ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව නවසීලන්ත පිතිකරුවෙකු රැස්කළ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය මෙන්ම ලොව ඕනෑම පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ දෙවැනි ටෙස්ට් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
මාටින් ක්‍රෝ ලකුණු 188ක් රැස්කර තිබීම මීට පෙර නවසීලන්ත පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාව එරෙහිව රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
එංගලන්ත පිතිකරු ලෙනාඩ් හුටන් 1938 වසරේදී ලකුණු 364 ක් රැස්කිරීම මේ දක්වා ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. කෙසේ නමුත් ටේලර්ගේ මෙම ඉනිම දියත්වීමත් සමග ඔහු මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණි අතර, ඒ හේතුවෙන් මීට වසර 112කට පෙර (1903 වසරේ) ලකුණු 287 ක් රැස්කර දෙවැනි ස්ථානයේ පසුවූ එංගලන්තයේ ටිප් ෆෝස්ටර් තෙවැනි ස්ථානයට පත්විය.
13 දා ආරම්භ වූ තරගයේ පළමුවෙන් පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 559ක් රැස්කරමින් ඉනිම අත්හිටවූ අතර එයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 624ක් රැස්කළේය. ලකුණු 65ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සිවුවැනි දිනයට අද තරගය නිමා කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 258ක් රැස්කරගෙන සිටියේය.
ඔස්ට්‍රේලියාව එරෙහිව ඉහළම ඉනිම් ගොඩනැගූ ටෙස්ට් පිතිකරුවන්
1. සර් ලෙනාඩ් හුටන් (1938, එංගලන්තය) - 364
2. රොස් ටේලර් (2015, නවසීලන්තය) - 290
3. ටිප් ෆෝස්ටර් (1903, එංගලන්තය) - 287
4. වී.වී.එස්. ලක්ෂ්මන් (2001, ඉන්දියාව) - 281
5. බ්‍රයන් ලාරා (1993, බ.ඉ. කොදෙව්) - 277
6. ග්රැහැම් පොලොක් (1970, ද. අප්‍රිකාව) - 274
7. කෙන් බෙරින්ග්ටන් (1964, එංගලන්තය) - 256
8. වොලී හැමන්ඩ් (1928, එංගලන්තය) - 251
9. සචින් තෙන්ඩුල්කාර් (2004, ඉන්දියාව) – 241 නොදැවී
10. වොලී හැමන්ඩ් (1938, එංගලන්තය) - 240