රුසියානු මලල ක්‍රීඩා සංගමයට තාවකාලික තහනමක් පැනවූ බව අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.
ඒ රුසියාවට එල්ල වී තිබුණු තහනම් උත්තේජන චෝදනාවල ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව රුසියාවට එළැඹෙන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කිරීමටද අවස්ථාව හිමිනොවෙනු ඇත.
රුසියාවට එරෙහිව තහනම් පැනවීම සඳහා පැවැති ඡන්ද විමසුමේදී මලල ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයන් 22ක් එයට පක්ෂවත් එක් සාමාජිකයෙන් එයට විපක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
ලෝක තහනම් උත්තේජන නිවාරණ ඒජන්සිය මගින් නිකුත් කළ වාර්තාවක කියැවුණේ රුසියාවේ තහනම් උත්තේඡන භාවිතය සඳහා රාජ්‍ය අනුග්රහයද ලැබෙන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වා සිටින රුසියානු ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තහනම තාවකාලිකව පනවා ඇති බවත් ප්රශ්නය නිරාකරණය කර ගත හැකි බවත්ය.