ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් කරන්නේ රුපියල් කෝටි ගණනිනි. ඒ අනුව බලන කළ තරගයක් දින්නත් නැතත් ක්‍රිකට් ක්‍රීඩකයා දිනුම් ය. පරාජයේදී ඔවුන්ට අහිමි වන්නේ ජයග්‍රහණයේ ප්‍රීතිය පමණකි. එහෙත් ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් බැලු කළ මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. තම සිත්ගත් කණ්ඩායම දින්නත් පැරදුනත් දුක සහ ප්‍රීතිය හැරුණු කොට ඔවුන්ට ලැබෙන දෙයක් නැත.
එහෙත් පසුගියදා පැවැති ඉන්දීය-නවසීලන්ත දෙවැනි එක්දින තරගය නැරඹීමට ගිය ප්‍රේක්ෂකයෙක්ට එක් උඩපන්දුවක් නිසා තම මුළු ජීවිතයම හොඳ අතට වෙනස් කරගැනීමේ දුර්ලභ අවස්ථාවක් හිමිවිය.
ඉන්දීය-නවසීලන්ත තරගාවලියේ විශේෂත්වය වූයේ යම් ක්‍රීඩකයකු එල්ල කරන හයේ පහරක් හතරේ සීමාවට ඔබ්බෙන් සිට උඩපන්දුවක් රැකගන්නා ප්‍රේක්ෂකයන්ට නවසීලන්ත ඩොලර් 100,000 ක (රැපියල් එක් කෝටි දස ලක්ෂයක්) ත්‍යාගයක් පිරිනැමීමට එරට ප්රමුඛ පෙළේ බියර් නිෂ්පාදන සමාගමක් වන ටුයි බෲවරීස් නම් සමාගම ඉදිරිපත් වීමයි. මෙම තරගය බැලු බැල්මට ඉතා ලෙහෙසි පහසු කාර්යයක් යැයි කෙනෙකුට දැනුනත් එය එසේ නොවේ. මෙම උඩපන්දුව පැහැදිලිව පෙනෙන ලෙසට රැකගත යුතු අතර එය අල්ලා ගත යුත්තේ එක් අතකිනි. වඩාත් අසීරුම කාරණය වන්නේ මිලියනයක් අල්ලා ගැනීමට උත්සාහ ගන්නා ප්‍රේක්ෂකයන් සිය ගණනක් මැද එය අල්ලා ගැනීමයි. මෙම ප්‍රවර්ධන වැඩසටහනට තරග වදින ප්‍රේක්ෂකයන් තරගය ආරම්භ වීමට පෙර බියර් සමාගමේ නම මුද්‍රණය කළ ටී ෂර්ටයක් සහ කරපටියක් මිලට ගැනීමද අනිවාර්ය කර තිබුණි. 'කැච් අ මිලියන්' (මිලියනයක් අල්ලා ගන්න) නම් මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයා වූයේ 'ජිතේන්ද්‍ර සිං' ය.
ඉන්දියානු ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා ගේ පන්දුවකට නවසීලන්ත ක්‍රීඩක කෝරේ ඇන්ඩර්සන් විසින් ඩොලර් මිලයනයක් වටිනා හයේ පහර එල්ල කලේය.
තමන් එල්ල කළ හයේ පහර හේතුවෙන් තරගය නරඹමින් සිටි ප්‍රේක්ෂකයෙක් ධනවතෙකු වූ බව දැක ඇන්ඩර්සන්ගේ මුවේ ඇදී ගියේ පුළුල් සිනහවකි. අනෙක් අතට අයි.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි වීමට සූදානමින් සිටින අතරවාරයේදී ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රේක්ෂකයෙක් ලක්ෂපතියකු කිරීමට හැකිවීම ගැන ඔහු සතුටු වනවාද විය හැකිය.
ජිතේන්ද්‍ර සිං විසින් මිලියනයේ උඩපන්දුව රැකගැනීමේ වීඩියෝ පටය මෙතනින්. http://www.youtube.com/watch?v=LchJmUQi74o
ජොශුවා නේතන් කරැණාරත්න