ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
කොළඹ රාජකීය විදුහල ලකුණු 47 – 12ක් ලෙස පරාජය කර 07 වැනි වරටත් මයිලෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව (20 න් පහළ) තමන් සතු කරගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ශ්රී ලංකා පාසල් රග්බි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය ඊයේ (13දා) කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.
තරගයේ පළමු අර්ධයේදීම රාජකීයයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් එම අර්ධය අවසනදී ලකුණු 19-07 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට ඉසිපතන විදුහල සමත් වූ අතර දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ඔවුන් අණසකට යටත් කර ගත්තේ දක්ෂ වේගවත් ක්රීඩා රටාවකට අවතීර්ණ වෙමිනි.
ඉසිපතන ක්රීඩකයෝ ගෝල දිනුම් 6 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර රාජකීයයන්ගේ ලකුණු සටහන් වූයේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාර කර ගනිමිනි.
තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස ඉසිපතන විදුහලේ හරිත් උදාර බණ්ඩාර සම්මාන දිනාගත්තේය.
popular news
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි
ඉතිහාසයේ ප්රථම වතාවට වාර විභාගයකට පොලිස් ආරක්ෂාව,
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd