යූරෝ (යුරෝපානු ) කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් නීතිවිරෝධී මුදල් ඔට්ටු ඇල්ලීම් සිදුකළ හාරදහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර පොලීසිය මගින් සිදු කළ මෙම වැටලීම් අදියර දෙකක් යටතේ සිදුකර ඇති අතර, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන වැටලීම ඉන් පළමුවැන්න විය.
ඊට අමතරව වෙබ් අඩවි හා දුරකථන සංවාද මගින් ඔට්ටු ඇල්ලීමේ නිරත වී සිටි පිරිස් අත්අඩංගුවට ගැනීම මෙහි දෙවැනි පියවර වී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති පිරිස රටවල් 11කට අයත් අතර මෙයින් බොහොමයක් ආසියානු කලාපයට අයත් රටවල් වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර පොලිස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහිදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 11 (රුපියල් බිලියන 2.2) ක ඔට්ටු මුදල් ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුරටත් සැක කරනුයේ, තරගාවලියේදී මිලියන 500 (රුපියල් බිලියන 20) ක පමණ මුදල් ප්‍රමාණයක් ඔට්ටු දැමීම සිදු කරන්නට ඇති බවයි.