2015 වසරේදී පැවැත්වීමට නියමිත ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහාත් ඉන්දීය ක්රීඩක යුවරාජ් සිං ක්රීඩා කළයුතු බව ඉන්දීය හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් සඳහන් කරයි.
“එදා දවස ඔහුට වඩාත් අමාරු දවසක් වෙන්න ඇති. නමුත් එම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් විය යුතු නෑ. 2007 වසරේදී අප පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානය ජයගැනීමටත්, 2011 වසරේදී ලෝක කුසලානය ජයගැනීමටත් යුවී (යුවරාජ් ) විශේෂ කාර්යයක් ඉටුකරනු ලැබුවා” යැයි සචින් සිය කණ්ඩායම් සඟයා පිළිබඳව සඳහන් කළේය. ලෝක කුසලාන අවසන් තරගයේදී යුවරාජ් පන්දු 21කට මහුණ දෙමින් රැස්කළේ ලකුණු 11කි.
“මම දන්නවා මම වගේම ලෝකයේ බොහෝදෙනෙක් සහ ඉන්දීය ප්රේක්ෂකයන් බොහෝමයක් ඔහු 2015 වසරේ ඉන්දීය ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙක් වෙනවා දකින්න කැමතියි කියලා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි