අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගෞරවාන්විත/කීර්තිමත් සාමාජිකයෙකු (Hall of Fame) ලෙස නම් කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු එසේ නම් කරන පළමු අවස්ථාව මෙය වෙන අතර මේ වසර අවසානයේදී මුරලි එසේ කීර්තිමත් සාමාජිකයෙකු ලෙස නම් කිරීමට නියමිතය.
ඔහුත් සමග එංගලන්තයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලෝහ්මාන්, හිටපු ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආතර් මොරිස් හා හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායිකා කේ. රෝල්ටන් මෙසේ කීර්තිමත් සාමාජිකයන් ලෙස නම් කිරීමට නියමිතය.
ටෙස්ට් හා එක්දින පිටියේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති පන්දු යවන්නාව මුරලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 1000ක් ලබාගත් පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙක්ද වෙයි.