ශ්රී ලංකා ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන පදක්කම් බලාපොරොත්තුවේ ප්රමුඛතම ක්රීඩකයෙකු වන මැතිව් අබේසිංහ අද (09දා) ඔලිම්පික් පිහුනුම් තටාකයට පිවිසීමට නියමිතය. මැතිව් සහභාගිවන පළමු සුදුසුකම් ලැබීමේ ඉසවවේ රාත්රී 9.30ට පමණ පැවැත්වීමට නියමිතය.
මිටර් 100 නිදහස් ආර ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන මැතිව් පසුගිය සාග් තරගාවලියේදී එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයා බවට පත්වෙමින්.