පන්දුව දමාගසන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය පිළිබඳව සතුටු නමුත්, එය සිදුකළේ පමාවීමකින් පසුව බව ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පවසයි.
එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ආරම්භ කරනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවත් මැක්ස්වෙල් කියයි.
එසේම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පන්දුයවන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවටත් ධනාත්මකව බලපානු ඇති බව මැක්ස්වෙල් කියයි.