2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්හි පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටි ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයෙකු වූ මාවන් අතපත්තු අවසන් 11 දෙනාට තොරානොගැනීම හේතුවෙන් තමා හා අතපත්තු අතර වසර හතරකට - පහකට කතාබහක් සිදු නොවුණ බව මහේල පවසයි.
එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ මහේල ජයවර්ධනය. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වූ අතර තම නායකත්ව කාලසීමාවේදී එවකට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වූ සනත් හා මාවන් පාලනය කිරීම අපහසු වූ බවද ඔහු මෙහිදී පවසා තිබේ.
"මාවන් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක්. ඔහු උපරිමයෙන් ක්‍රීඩා කළා නමුත් එය නියමාකාරයෙන් කිරීමට ඔහුට නොහැකි වුණා. ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ඔහුගේ දායකත්වය කණ්ඩායමට ප්‍රමාණවත් වුණේ නෑ. නමුත් ඒ තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කරමින් හිටියා.
තරගාවලියෙන් පස්සේ මාවන් ක්‍රීඩා කළේ ටෙස්ට් තරග කිහිපයක් පමණයි. ඔහු මගෙත් සමග වසර හතරක් පහක් හොඳින් කතා කළේ නෑ. මාවන් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කළාට පසුව තමයි අප දෙදෙනා අතර හොඳ කතාබහක් ඇතිවුණේ." යැයි මහේල පවසයි.