පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මීර්පූර් පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. .තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිවුස් සම්මාන ලැබීය.
තරගය මීර්පූර් පිටියේ පැවැති අතර අයිස් වැස්සකින් එයට බාධා එල්ලවිණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඩත්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27ක ජයක් ලැබීය. හෙට (04දා) ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා දිනයේදී අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත. එම තරගයත් මීර්පූර් පිටියේදී පැවැත්වීමට නියමිතය.