නවසීලනත්යේදී අද (21දා) පැවැති නවසීලන්ත - දකුණු අප්රිකා එක්දින තරගයේ තරග තීරක ලෙස කටයුතු කරමින් තම තරග තීරක දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට ශ්රී ලංකාවේ රොෂාන් මහානාම සමත්ව තිබේ.
ඒ එක්දින තරග 200ක තරග තීරක වශයෙන් කටයුතු කළ ලොව සිවුවැනි තරග තිරක ලෙස පත්වෙමිනි.
2004 වසරේදී කොදෙව්හි පැවැති බංග්ලාදේශ - කොදෙව් තරගාවලියෙන් සිය තරග තීරක දිවිය මහානාම විසින් ආරම්භ කරනු ලැබීය. ඔහු ටෙස්ට් තරග 54කදීද තරග තීරක ලෙස කටයුතු කොට තිබේ.
එක්දින තරග වැඩිම ප්රමාණයක තරග තීරක ලෙස කටයුතු කර ඇත්තේ ශ්රී ලංකාවෙම රංජන් මඩුගල්ලේය.
වැඩිම එක්දින තරග ප්රමාණයක් තරග තීරක ලෙස කටයුතු කළ තරග තීරකවරුන්
රංජන් මඩුගල්ල 1993 සිට තරග 283
ක්රිස් බෝඩ් 2004 සිට තරග 248
මාටින් ක්රෝ 2004 සිට තරග 207
රොෂාන් මහානාම 2004 සිට තරග 200