චිතගොන්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට (06දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 409 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට පිටුපසින් ඇත්තේ තවත් ලකුණු 178 ක් පමණි.
අද සිය කළුඳුල් ටෙස්ට් ශතක වාර්තා කිරීමට ශම්සූර් රෙහමාන් (106) හා ඉම්රුල් කායිස් (115) සමත්වූහ. ඊයේ (05දා) පළමු කඩුල්ල ලෙස තමීම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායම එකදු ලකුණක් හෝ රැස්කිරීමට මත්තෙන් දැවීගිය පසු, මෙම ක්‍රීඩකයන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 232 ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ. ඔවුන් දෙදෙනාම අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවි ගියහ. ඔවුන් දෙදෙනාගේ එම සබඳතාව බංග්ලාදේශ කණ්ඩායම දිගු ඉනිමක් කරා යාමේ ප්‍රධාන සාධකයද විය. ඊට අමතරව ඔවුන් දෙදෙනාගේ සබඳතාව දෙවැනි කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශ පිතිකරුවන් යුගලයක් රැස්කර වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර, එය ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස්කර ඇති හොදම සබඳතාවට දෙවැනි වූයේ 2013 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව මොහොමඩ් අශ්රාෆුල් හා මුෂ්ෆීකර් රහීම් රුස්කර තිබූ ලකුණු 267ක සබඳතාවට පමණි.
ශ්‍රී ලංකාව 587/10 (පන්දුවාර 156.4)
කුමාර් සංගක්කාර 319 (පන්දු 482, 4x32, 6x8)
මහේල ජයවර්ධන 72 (පන්දු147, 4x6)
අජන්ත මෙන්ඩිස් 47 (පන්දු 67, 4x6)
කිත්රුවන් විතානගේ 35 (පන්දු 52, 4x6)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
බංග්ලාදේශය පන්දු යැවීම
ශකීබ් අල් හසන් 148/5 (පන්දුවාර 34)
නසීර් හුසේන් 16/2 (පන්දුවාර 6.4)
බංග්ලාදේශය පළමු ඉනිම 409/8 (පන්දුවාර 115)
ඉම්රුල් කායිස් 115 (පන්දු 218, 4x17, 6x1)
ශම්සූර් රෙහමාන් 106 (පන්දු 191, 4x11, 6x1)
ශකීබ් අල් හසන් 50 (පන්දු 89, 4x9)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
අජන්ත මෙන්ඩිස් 84/4 (27)
දිල්රුවන් පෙරේරා 119/3 (පන්දුවාර 39)
සුරංග ලක්මාල් 32/1 (පන්දුවාර 23)