ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා වෙඩි නොවදින බස්රථ මිලදී ගැනීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව සත්කාරක තරගාවලිවලදී භාවිත කිරීම උදෙසා පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බස්රථ 04 ක් මිලදී ගෙන ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ සංචාරක ක්‍රිකට් කණ්ඩායම්වල ආරක්ෂාව උදෙසා ගත හැකි ප්රබලතම ක්‍රියාමාර්ගය මෙය බවයි.
2009 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය අතරතුර ලාහොර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව කිසිදු විදෙස් කණ්ඩායමක් පාකිස්තානය තුළ අන්තර්ජාතික තරග සංචාරයක නොයෙදුණු අතර, පසුගිය වසර තුළදී පමණක් සිම්බාබ්වේ කණ්ඩායම දැඩි රැකවල් මධ්‍යයේ පාකිස්තානයේ සංචාරයෙහි නිරත විය. මේ නිසා පාකිස්තානය සත්කාරකත්වය දරන සියලුම තරග පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.
කෙසේ වෙතත් මේ සඳහා එක් යෝජනාවක් ලෙසින් වෙඩි නොවදින බස් රථ පාකිස්තානයට ගෙන්වීමට 2012 වසරේ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල අනුමැතිය හිමි විය.