පාකිස්තානු කණ්ඩායමට ලකුණු 302 ක ඉලක්කයක් ලබා දෙමින් සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබීය. පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 156 ක සබඳතාවයක් ගොඩ නැංවූ නායක ඇන්ජලෝ මැතිව්ස් හා ප්රසන්න ජයවර්ධන ශ්රී ලංකා කණ්ඩායමට ශක්තිමත් පදනමක් දැමූහ.
සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම දියත් කළ නායක ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 157 ක් රැස් කළේය. ශ්රී ලංකා කණ්ඩායම අවධානමක් සහිතව දෙවැනි ඉනිම ආරමභ කළද කලකට පසුව සුපිරි ගණයක ටෙස්ට් ඉනිමක් දියත් කිරීමට ශ්රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.
ශ්රී ලංකා කණ්ඩයමේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා වූ අතර එයට පළිතුරු වශයෙන් පාකිස්තානුවෝ සිය ප්රථම ඉනිමට ලකුණු 383 ක් රැස් කළහ. දිවා අහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තානු පිතිකරුවෝ කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටියහ. කුරම් මන්සූර් 8*, අහමඩ් ශේෂාඩ් 12* නොදැවී පිටියේ රැදී සිටිති.
තරගය ජයග්රහණය සඳහා පාකිස්තානුවන්ට පන්දුවාර 62 ක් තුළදී ලකුණු 282 ක් රැස් කළ යුතුය. අද තරගයේ අවසන් දිනයයි.