ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබිහි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 383 රැස් කළේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 179 ඉදිරියෙන් සිටියි.
පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 135 රැස්කරගෙන සිටි මිස්බා උල් හක්, රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. තරගයේ තෙවැනි දිනයවූ අද (02) දිනයේ පළමු කඩුල්ල ලෙස අසාද් ශෆීක් ලකුණු 13 කට දැවී ගියේය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ පස්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 329 ලෙස සටහන්ව තිබිණ. ඉන් අනතුරුව පිටියට එක්වූ අද්නන් අක්මාල් (6) හා බිලාවල් බහට්ටි (14), සයීඩ් අජ්මාල් (0), රහට් අලි (0) පහසුවෙන් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.