සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ලකුණු 302 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට පස්වැනි දිනයට තරගය නවතා දමන විට රැස් කරගත හැකි වූයේ ලකුණු 158 ක් අටක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා ලකුණු 483 ක් රැස් කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායමේ ඇරයුමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිරකරුවන් සියල්ලක්ම අසාර්ථක වෙද්දී නායක ඇන්ජලෝ මැතිවුස් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරනු ලැබීය.
පාකිස්තානුවෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 383 ක් රැස් කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 179 ක් අවශ්‍ය විය. නමුත් අත්‍යාවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ මෑත ඉතිහාසයේ හොඳම ටෙස්ට් ඉනිමක් දියත් කරමින් දෙවැනි ඉනිමට ලකුණු 480 ක් රැස් කළහ. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ක්‍රියාත්මක වූ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 157 ක් රැස් කළේ සිය ටෙස්ට් දිවියේ හොඳම ටෙස්ට් ඉනිමද ක්‍රීඩා කරමිනි. තරගයේ වීරයා ලෙසිනුත් මැතිවුස් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 204/10 (පන්දුවාර 65)
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 127, 4x15)
දිමුත් කරුණාරත්න 38 (පන්දු 6, 4x5)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 58/5 (පන්දවාර 20)
බිලාවල් බාටි 65/3 (පන්දුවාර 15 )
පාකිස්තානය පළමු ඉනිම 383/10 (පන්දුවාර 129.1)
යුනිස් ඛාන් 136 (පන්දු 198, 6x1, 4x19)
මිස්බා උල්හක් 135 (පන්දු 306, 4x13, 6x1)
ශ්‍රී ලංකා පන්දු යැවීම
ශමින්ද එරංග 80/3 (පන්දුවාර 30)
රංගන හේරත් 93/3 (පන්දුවාර 35.1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 420/5 (පන්දුවාර 148)
ඇන්ජලෝ මැතිව්ස් 157 (පන්දු 343, 6x1, 4x16)
දිනේෂ් චන්දිමාල් 89 (පන්දු 166, 4x12)
කෞෂාල් සිල්වා 81 (පන්දු 177, 4x11)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 93/3 (පන්දුවාර 36)
බිලාවල් බාටි 146/2 (පන්දුවාර 36)
පාකිස්තානය දෙවැනි ඉනිම 158/2 (පන්දුවාර 52)
මොහොමඩ් හෆීස් 80 (පන්දු 136, 4x11)
අහමඩ් ශේෂාඩ් 55 (පන්දු 109, 4x7)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 37/1 (පන්දුවාර 21)
සුරංග ලක්මාල් 43/1 (පන්දුවාර 13)