වසර පහකට පසුව නැවත වරක් අළුබඳුන ටෙස්ට් ශූරතාව නිල වශයෙන් තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් අළුබඳුන ටෙස්ට් තරගාවලියක් අවසන් වරට ජයග්‍රහණය කරනු ලැබුවේ 2006/07 තරගාවලියයි. ඉන් අනතුරුව 2009 වසරේදී පැවැති අළුබඳුන ටෙස්ට් තරගාවලිය ජයගනු ලැබුවේ එංගලන්තය විසිනි. 2009, 2010/11, 2013 වසරන්හි පැවැති සියලුම තරග එංගලන්තය ජය ගනිමින් අළුබඳුන කුසලානය තමන් යටතට ගනු ලැබීය.
2009 වසරේදී තමන්ගෙන් ගිලිහුණු අළුබඳුන ශූරතාව 2013/14 තරගාවලියේදී නැවතත් ඔස්ට්‍රේලියාව හිමිකරගත්තේ 2006/07 වසරේදී තරගාවලිය ජයගත් සේම 5-0 ක් වශයෙනි.
2013/14 අළුබඳුන තරගාවලිය නිම කරමින් එහි අවසන් හා පස්වැනි ටෙස්ට් තරගය සිඩ්නිහිදී පසුගිය තුන්වැනිදා ආරම්භ වූ අතර, තරගය නිමවීම සඳහා දින දෙකක් ඉතිරිව තිබියදී අද (05 දා) එංගලන්ත කණ්ඩායම ලකුණු 281 කින් පරදමින් එම තරගයද ඔස්ට්‍රේලියානුවෝ ජයගත්හ. ඒ අනුව තරගාවලියේ තරග පහම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළේය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය. තරගයේ වීරයා ලෙස රයන් හැරිස් නම් වූ අතර, තරගාවලියේ වීරයා වූයේ මිචෙල් ජොන්සන්ය.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 326/10 (පන්දුවාර 76)
ස්ටීවන් ස්මිත් 115 (පන්දු 154, 4x17, 6x1)
බ්‍රැඩ් හැඩින් 75 (පන්දු 123, 4x13)
බෙන් ස්ටොක්ස් 6/95 (පන්දුවාර 19.5)
ස්ටුවට් බ්‍රෝඩ් 2/65 (පන්දුවාර 19.5)
එංගලන්තය පළමු ඉනිම 155/10 (පන්දුවාර 58.5)
බෙන් ස්ටොක්ස් 47 (පන්දු 101, 4x4)
ස්ටුවට් බ්‍රෝඩ් 30* (පන්දු 22, 4‘x4, 6x1)
රයන් හැරිස් 3/36 (පන්දුවාර 14)
මිචෙල් ජොන්සන් 3/33 (පන්දුවාර 13.5)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 276/10 (පන්දුවාර 61.3)
ක්‍රිස් රොජර්ස් 119 (පන්දු 169, 4x15)
ජෝජ් බේලි 46 (පන්දු 74, 4x6)
ස්කොට් බ්‍රොත්වික් 3/33 (පන්දුවාර 6)
ජේම්ස් ඇන්ඩර්සන් 2/46 (පන්දුවාර 15)
එංගලන්තය දෙවැනි ඉනිම 166/10 (පන්දුවාර 31.4)
මයිකල් කාබ්රි 43 (පන්දු 63, 4x8)
ස්ටුවට් බ්‍රෝඩ් 42 (පන්දු 36, 4x3, 6x4)
රයන් හැරිස් 5/25 (පන්දුවාර 19.4)
මිචෙල් ජොන්ස්න් 3/40 (පන්දුවාර 9)