ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට මූලිකම හේතුව පළමු පන්දුවාර 10 තුළදී ලකුණු අතරට නොපැමිණීම බවත්, එය ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වරදක් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කටක්හි ඊයේ (2දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
හැම පිතිකරුවෙකුම මහේල මෙන් තරගයට අවතීර්ණ විය යුතුව තිබූ බව මැතිව්ස් පෙන්වා දුන්නේය. කෙසේවෙතත් පළමු පන්දුවාර 10 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළේ පන්දු වාරයකට 3.9 ක ලකුණු ලබාගැනීමේ වේගයකි.
&අපි පළමු පන්දුවාර 10 දී පිතිකරණයේ යෙදුණ ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ලකුණු 360 ක් හඹායද්දී තරගයකට අවතීර්ණ විය යුතුව තිබුණා. ඒක අපේ ලොකු වරදක්* යනුවෙන් මැතිව්ස් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
එසේම ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සෑම ආකාරයකින්ම අභියෝගයක් වූ බවත්, නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම පලපුරුදු නැතබව පෙන්වූ තරගයක් බවට එය පත්වූ බවත් මැතිව්ස් පැවසීය.