(VIDEO) අයර්ලන්ත කණ්ඩායම පරාජයකර බංග්ලාදේශයේදී පැවැත්වෙන පන්දුවර ව්ස්සයි-20 ලෝක කුසලානයේ සුපිරි 10 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම අද (21දා) සමත්විය.
ඒ මෑත ඉතිහාසයේ වාර්තා වූ හොඳම හඹායාමද වාර්තා කරමිනි. අයර්ලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 190ක ඉලක්කය පන්දුවාර 13.5කින් සපුරා ගනිමින් නෙදර්ලන්තය සුපිරි 10 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගය ආරම්භ කිරිමට මත්තෙන් නෙදර්ලන්ත කණ්ඩායම 'බි' කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියේය. අවසන් 10 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍යනම් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවර 14.2 කදී අයර්ලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 190ක ඉලක්කය පසුකළ යා යුතු විය. අනිවාර්ය ප්ලවර් ප්ලේ පන්දුවාර 6 තුළදී නෙදර්ලන්ත කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 91ක් රැස්කරමින් තරගයට අවතීර්ණවිය.
නෙදර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ ස්ටෙෆාන් මයිබෝ පන්දුවාර 20-20 ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකට හිමි වාර්තාව සමකළේය. ඔහු පන්දු 17කදී සිය අර්ධ ශතකය රැස් කළේය.
අයර්ලන්තය 189/4 (පන්දුවාර 20)
විලියමි පෝටර්ෆීල්ඩ් 47 (පන්දු 32, 4X5, 6X2)
ඇන්ඩෘ පොයින්ටර් 57 (පන්දු 32, 4X4, 6X4)
කෙවින් ඔ' බ්‍රයන් 42 (පන්දු 16, 4X2, 6X4)
නෙදර්ලන්තය 193/4 (පන්දුවාර13.5)
ස්ටෙෆාන් මයිබෝ 42 (පන්දු 23, 4X7, 6X7)
ටොම් කූපර් 45 (පන්දු 15, 4X1, 6X6)
පීටර් බෝරීන් 31 (පන්දු 15, 4X4, 6X2)
වෙස්ලී බැරේසී 40 (පන්දු 22, 4X3, 6X3)
ඡායාරූපය ICC
මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න