ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර අද (08දා) ඩුබායිහිදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 57 ක් රැස්කරගෙන සිටියේය. කෞෂාල් සිල්වා හා කුමාර් සංගක්කාර ලකුණු 12 බැගින් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටිති.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණි. කුරාම් මන්සූර් ලකුණු 73 ක් රැස්කිරීමට සමත් වූ අතර, පාකිස්තානු ඉනිම පාලනය කළ නුවන් ප්රදීප් හා රංගන හේරත් කඩුලු තුන බැගින් දවාලූහ. සුරංග ලක්මාල් හා ශමින්ද එරංග කඩුලු දෙක බැගින් දවාලූහ.
පාකිස්තානු පළමු ඉනිම 165/10 (පන්දුවාර 63.5)
කුරාම් මන්සූර් 73 (පන්දු 136, 4x7, 6x1)
බිලාවල් බහට්ටි (නොදැවී) 24 (පන්දු 49, 4x3, 6x1)
මොහොමඩ් හෆීස් 21 (පන්දු 59, 4x4)
යුනිස් ඛාන් 13 (පන්දු 29, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් ප්රදීප් 62/3 (පන්දුවාර 18)
රංගන හේරත් 26/3 (පන්දුවාර 10.5)
ශමින්ද එරංග 25/2 (පන්දුවාර 14)
සුරංග ලක්මාල් 45/2 (පන්දුවාර 21)
ශ්රී ලංකාව පළමු ඉනිම 57/1 (පන්දුවාර 16)
දිමුත් කරුණාරත්න 32 (පන්දු 43, 4x7)
කෞෂාල් සිල්වා (නොදැවී) 12 (පන්දු 33, 4x1)
කුමාර් සංගක්කාර (නොදැවී) 12 (පන්දු 20, 4x1)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 26/1 (පන්දුවාර 7)