ශ්රී ලංකාවේ පැරණිතම පාසල් මහා ක්රිකට් තරගාවලිය ලෙස සැලකෙන රාජකීය- සාන්ත තෝමස් වාර්ශික ‘නිල් මහ සටන’ ක්රිකට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් විය. ඒ අනුව ඩී.එස්. සේනානායක අනුස්මරණ ශූරතාව තවදුරටත් තමන් යටතේ තබා ගැනීමට රාජකීය විදුහල සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් රාජකීය කණ්ඩායම ලකුණු 158කට සීමා කිරීමට තෝමස් පන්දු යවන්නේ සමත්වූහ.
එයට පිළිතුරු ලෙස තෝමස් කණ්ඩායම සිය ප්රථම ඉනිමට කඩුලු 6කට ලකුණු 325ක් රැස්කර ඉනිම අත්හිටුවනු ලැබීය.
ලකුණු 167ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ තොමස් කණ්ඩායමේ මුල් කඩුලු ත්රිත්වය ලකුණු 95ක් තුළ දවා ගැනීමට තෝමස් පන්දු යවන්නෝ සමත්වූහ.
නමුත් සිය අන්තය ආරක්ෂාකර ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ හෂේන් රාමනායක ලකුණු 96ක් රැස් කරමින් රාජකීය කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට කටයුතු කරනු ලැබීය.
තරගය 13 දා, 14 දා හා අද (15 දා) කොළඹ එස්. එස්. සී. පිටියේදි පැවැත්විණි.
රාජකීය පළමු ඉනිම 158/10 (පන්දුවාර 50.2)
තොමස් පළමු ඉනිම 328/08 (පන්දුවාර 104.1)
රාජකීය දෙවැනි ඉනිම 268/06 (පන්දුවාර 119.4)
හොඳම පන්දු රකින්නා- සන්දීව් පතිරණ (රාජකීය)
හොඳම පන්දු යවන්නා - සහන් විජේසිංහ ( තෝමස්)
හොඳම පන්දුවට පහර දෙන්නා - සනේෂ් ද මෙල් (රාජකීය)
තරගයේ වීරයා - හෂේන් රාමනයක (රාජකීය)