බංග්ලාදේශයේ චිතගොන්හිදී අද (04) ආරම්භවූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුට පහර දෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 71 රැස්කරගන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුමාර් සංගක්කාර ලකුණු 15ක් හා මහේල ජයවර්ධන ලකුණු 10 රැස්කරගන සිටිති.
දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ලකුණු 11 රැස්කරගෙන සිටියදී කෞෂාල්, සොහැග් ගාසිගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල (39/1) ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩාමේ මුලු ලකුණු සංඛ්‍යාව 49දී දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 31 රැස්කරගන සිටියදී අල් අමීන්ගේ පන්දුවක් හමුවේ මහමදුල්ලා අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය.
ශ්‍රි ලංකාව 71/2 (පන්දුවාර 29)
කුමාර් සංගක්කාර 15* (පන්දු 44, 4x1)
මහේල ජයවර්ධන 10* (පන්දු 24, 4x1)
දිමුත් කරුණාරත්න 31 (පන්දු 61, 4x4)
කෞෂාල් සිල්වා 11 (පන්දු 46)
බංග්ලාදේශය පන්දු යැවීම
අල් අමීන් හුසේන් 18/1 (පන්දුවාර 10)
සොහැග් ගාසි 31/1 (පන්දුවාර 10)