සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කළ දෙවැනි අවස්තාව මෙය වන අතර, අවසන් වරට 1999 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ට්‍රේලියාව පරාජය වී ඇත.
පීටර් නෙවිල්ගේ ඉනිම අවසන් වෙයි
ඔස්ට්‍රේලියානු ඉනිමේ 09 වැනි කඩුල්ල ලෙස පීටර නෙවිල් දැන් දැවී ගියේය. මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 85.5 අවසනදී කඩුලු 09ක් දැවී ලකුණු 161ක් රැස්කරගෙන සිටියි.
ධනංජය ද සිල්වාගේ කුළුදුල් ටෙස්ට් කඩුල්ල ලෙස නෙවිල් දැවී යනවිට ලකුණු 09ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට ඔහු පන්දු 115කට මුහුණදී සිටියේය.
ඔස්ට්‍රේලියාව ගෞවරය රැකගැනීමේ දැඩි සටනක
ප.ව. 2.20
තරගය ජයපරාජයෙන් අවසන් කරගැනීමට සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට දැඩි සටනක නිරත වෙමින් සිටියි. මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 77ක් අවසනදී කඩුලු 08ක් දැවී ලකුණු 161ක් රැස්කරගෙන සිටින අතර, පන්දුවට පහරදෙමින් සිටින ස්ටීව් ඕ කීෆ් ලකුණු 04ක් හා පීටර් නෙවිල් ලකුණු 09ක් ලබා සිටියි.
ඔවුන් දෙදෙනා 09 වැනි කඩුල්ලට ලකුණු 04ක සබඳතාවක් ගොඩනගා සිටින අතර, ඒ සඳහා පන්දුවාර 21ක් ක්‍රීඩාකර ඇත.
ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 02ක් පමණි.
මේ වනවිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 157ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්ත් තවත් කඩුලු 02ක් පමණි.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා තවත් ලකුණු 111ක් ලබාගත යුතුව ඇත. මේ වනවිට කාලගුණයද යහපත් වී ඇත.
ප.ව. 12.25
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට කඩුලු 03ක් පසුපසින්
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයක් අභියස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 03ක් පමණි.
ජයග්‍රහණයට ලකුණු 127ක් පසුපසින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම් මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 141ක් රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින පීටර් නෙවිල් එක් ලකුණක් රැස්කරගෙන සිටියි.
ඔස්ට්‍රේලියානු ඉනිමේ 07 වැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාර්ක් ලක්ෂාන් සඳකැන් හමුවේ ඔහුටම උඩපන්දුවක් ලබාදී දැවී ගිය අතර, ඉන් අනතුරුව තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.
ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය වූ රංගන හේරත් මේ වනවිට කඩුලු 04ක් බිඳහෙලා සිටින අතර, ඔහුට උපරිම සහයක් ලබාදෙන ලක්ෂාන් සඳකැන් කඩුලු 02ක් බිඳහෙලා සිටියි.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම 1999 වසරේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයකදී ඔවුන්ව පරාජය කර ඇති අතර, එය දෙරටේ ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හමුවේ, ඔස්ට්‍රේලියාව පරාජය වී ඇති එකම අවස්ථාව විය.
කෙසේ නමුත් මේ වනවිට මඳ වර්ෂාවක් ඇඳහැළෙමින් තිබෙන අතර, ඒ හේතුවෙන් ක්‍රීඩාංගණයද ආවරණය කරමින් තිබේ.
ප.ව. 12.30ට ක්‍රීඩාංගණයේ තත්ත්වය
වෝගස්ගේ කඩුල්ල කැන්ගරුවන්ට අහිමි වෙයි
පෙ.ව. 11.00
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස ඇඩම් වෝගස් දැන් දැවි ගියේය. රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ රංගනගේම පන්දුවක් හමුවේ වෝගස් දැවී යනවිට ලකුණු 12ක් රැස්කරගෙන සිටියේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට කඩුලු 04ක් දැවී ලකුණු 97ක් රැස්කරගෙන සිටින අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටනි ස්ටීවන් ස්මිත් ලකුණු 36ක් හා මිචෙල් මාෂ් එක් ලකුණක් රැස්කරගෙන සිටියි.
මේ වනවිට ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 171ක් අවැසිව ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා කඩුලු 06ක් අවශ්‍යව ඇත.
තරගය පෙ.ව. 10.45ට ආරම්භ වේ
පෙ.ව. 10.30
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි.
අද උදෑසන ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඇඳහැලුණු මඳ වර්ෂාව හේතුවෙන් මේ වනවිට තරගය ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති අතර, තරගය පෙ.ව. 10.45 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 27ක් අවසනදී කඩුලු 03ක් දැවී ලකුණු 83න් රැස්කරගෙන සිටින අතර, ඔවුන් තරගය ජයගැනීමට නම් අද දිනයේ ලකුණු 185ක් රැස්කරගත යුතුව ඇත.
පෙ.ව. 10.30 ක්‍රීඩාංගණයේ තත්ත්වය