2014 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්ට හිමිව තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන වසරේ ක්‍රිකට් සම්මාන හිමිකරගත් ක්‍රීඩකයන්ගේ නම් ප්‍රසිද්ධ කළ අතර එහිදි ජොන්සන්ට මෙම සම්මාන හිමිව තිබේ.
වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ද නිර්දේශ වි තිබුණි.
මෙවර අවසන් සම්මාන සඳහා ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් තේරි පත්නොවිම විමතිය කරුණකි.
වසරේ ක්‍රිකට් සම්මාන පහත පරිදි වෙයි.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා- මිචෙල් ජොන්සන්
වසරේ එක්දින ක්‍රීඩකයා - ඒ.බී. ඩිවිලියර්ස්
වසරේ එක්දින ක්රීඩිකවා - සාරා ටේලර් (එංගලන්තය)
වසරේ නැගි එන ක්‍රීඩකයා - ගැරි බැලනස් (එංගලන්තය)
අයි.සී.සි. නැගි එන රටවල ක්‍රීඩකයා - ප්‍රෙස්ටන් මොම්සෙන් (ස්කොට්ලන්තය)
වසරේ විස්සයි20 දක්ෂතාව - ආරෝන් ෆින්ච්
වසරේ විස්සයි20 ක්‍රීඩිකාව - මෙග් ලැනින් (ඔස්ට්‍රේලියාව)
ජීවගුණයෙන් යතු ක්‍රීඩිකාව- කැතරින් බර්නට් (එංගලන්තය)
වසරේ විනිසුරු - රිචර්ඩ් කෙට්ල්බ්රෝ (එංගලන්තය)
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා - භුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)