කොදෙව් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෙරෝම් ටේලර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එක්දින තරගවලදී හා විස්සයි20 තරගවලදී ටේලර් කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
32 හැවැරිදි ටේලර් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 46කට දිය දායකත්වය ලබදී තිබෙන අතර වසර මුලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ ටේලර්ගේ අවසන් ටෙස්ට් තරගය වෙනවා.ටෙස්ට් දිවියේ කඩුලු 130ක දවාගෙන ඇති ටේලර්ගේ කඩුලු ගොන්නට කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා හතරක්ද ඇතුළත් වෙනවා.