මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා අද (30දා) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ද සුභාශිංසන පිළිගැන්වූ බව ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය කියයි.
විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්ගේ මෙන්ම පන්දු යැවීමේ දක්ෂතා දැක්වූ රංගන හේරත්ගේ දක්ෂතා මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ බවද මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවැසිය.