ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන් දෙපළක් වන චමනි සෙනෙවිරත්න හා සඳමාලි දොළවත්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව මොවුන් දෙදෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත බාරදී ඇත.
ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අසාධාරණ ක්‍රියමාර්ග හමුවේ මොවුන් දෙදෙනාම මෙසේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.