(UPDATE) 2.45 PM
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී තේ පාලනය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 143ක් රැස්කරගෙන සිටියි. ඩිල්රුවන් පෙරේරා හා ධනංජයද සිල්වා නොදැවී පිටියේ රැඳී සිටිති.
අද දිනයේදී පමණක් දෙපිළේම කඩුලු 14ක් දැවි යාම සුවිශේෂි වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 281ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 106ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.එ් අනුව ලකුණු 175ක වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම අාරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
රංගන හේරත් හා ඩිල්රුවන් පෙරේරා කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වූහ.මෙහිදි රංගන හේරත් කඩුලු ත්‍රිත්වයක්ද දවා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියාව ලකුණු 106ට දවා ගැනීමේ විශේෂතා
01 වමතින් දඟ පන්දු යවන්නෙකු (orthodox) ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ වසර 124ට පසුවය. මීට ඉහතදී 1892 වසරේදී එංගලන්තයේ දග පන්දු යවන ක්‍රීඩකයෙකු වෙන ජොනී බ්‍රිග්ස් එංගලන්තයට එරෙහිව එම දක්ෂතාව දක්වා තිබුණි.
02 ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ දෙවැනි අවස්ථාවට වෙන අතර මීට පෙර 1999 වසරේදී ණුවන් පෙරේරා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දක්ෂතාව දක්වා තිබුණි.
03 ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වෙයි
Previous and only other instance of a left-arm orthodox bowler taking a hat-trick in Tests before Rangana Herath, by Johnny Briggs against Australia in Sydney.