සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඩ්නිහි පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 කට ලකුණු 140 ක් රැස් කරගෙන සිටියේය.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට තවත් කඩුලු 6 ක් අතැතිව එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 311 ක් ඉදිරියෙන් පසුවෙයි. ඔස්ට්‍රේලියා කණ්ඩායමෙන් ප්‍රථම ඉනිම සඳහා ලබා දුන් ලකුණු 326 ට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායමට රැස්කරකරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. දිනය නිමා වන විට ක්‍රිස් රොජර්ස් හා ජෝර්ජ් බේලි නොදැවී පිටියේ රැදී සිටියහ.
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 326/10 (පන්දුවාර 76)
ස්ටීවන් ස්මිත් 115 (පන්දු 153, 4x17, 6x1)
බ්‍රැඩ් හැඩින් 75 (පන්දු 90, 4x13)
එංගලන්තය පන්දු යැවිම
බෙන් ස්ටෝක්ස් 99/6 (පන්දුවාර 19.5)
ස්ටුවට් බ්‍රෝඩ් 2/65 (පන්දුවාර 19.5)
එංගලන්තය පළමු ඉනිම
බෙන් ස්ටොක්ස් 47 (පන්දු 101, 4x4)
ස්ටුවට් බ්‍රෝඩ් 30*(පන්දු 22, 4x4, 6x1)
ඔස්ට්‍රේලියාව පන්දු යැවීම
පීටර් සීඩ්ල් 3/23 (පන්දුවාර 13)
මිචෙල් ජොන්සන් 3/33 (පන්දුවාර 13.5)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 140/4 (පන්දුවාර 30)
ක්‍රිස් රොජර්ස් 73* (පන්දු 89, 4x9)
ජෝජ් බේලි 20* (පන්දු 32, 4x2)
එංගලන්තය පන්දු යැවිම
ජේම්ස් ඇන්ඩර්සන් 2/36 (පන්දුවාර 10)
බෙන් ස්ටෝක්ස් 1/36 (පන්දුවාර 5)