සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු (පී සරා ඕවල්) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනට අද (19දා) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 122ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 431 ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා සභාපතිගේ පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථකව ලකුණු අතරට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිනය අවසන් වනවිට ලකුණු 202ක් ඉදිරියෙන් සිටි අතර, ඉනිම අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ස්ටීව් ඔ'කීෆ් ලකුණු 62ක් හා ජැක්සන් බර්ඩ් ලකුණු 09ක් රැස්කරගෙන සිටියහ.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 202ක් පසුපසින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (19දා) දිනය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 127ක් රැස්කරගෙන සිටියේය. ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් ජෝ බර්න්ස් (72), ස්ටීවන් ස්මිත් (57) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථකම පන්දු යැවීම සනිටුවහන් කළ ශෙහාන් ජයසූරිය කඩුලු 05ක් බිඳළීමට සමත්වූ අතර, ඒ සඳහා ඔහුට පන්දුවාර 29කදී ලකුණු 109ක් වැයවිය.
ඊයේ (18දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට පන්දුවාර 57.2 කදී සියල්ලන් දැවී ලකුණු 229ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ අසේල ගුණරත්න (58) හා නායක මිලින්ද සිරිවර්ධන (53) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වූහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ස්ටීව් ඕ'කීෆ් කඩුලු 05ක් බිඳහෙළීය. හෙට (20දා) තරගයේ තෙවැනි හා අවසන්යි.