වසර 138 කට එපිට ඓතිහාසික වටිනාකමක් ඇති ක්‍රිකට් වංශ කථාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පැවැති රෝස පැහැති පන්දුව භාවිතයෙන් පැවැති පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර කඩුලු 03ක ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (29දා) සමත්විය.
මෙම තරගය දෙරට අතර ටෙස්ට් තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය ලෙස පැවැති අතර, ඒ අනුව තරග 2 – 0 ක් ලෙස තරගාවලිය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.
අත්හදාබැලීමක් ලෙස මෙම තරගයේදී රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩාකළ අතර, ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයකදී රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩාකළ පළමු අවස්ථාව මෙය වේ.
ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ඉකුත් සිකුරාදා (27දා) ආරම්භ වූ තරගයේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරාගත් අතර, ඔවුන් පළමු දිනයේදීම ලකුණු 202කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නෝ සමත්වූහ.
එදිනම පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ නවසීලන්තය ලකුණු 22කින් අබිබවමින් පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 224ක් රැස්කළේය. කෙසේ නමුත් මෙම ඉනිමේ 09 වැනි කඩුල්ලට පීටර් නෙවිල් - නෙතන් ලයන් ගොඩනැගූ ලකුණු 74ක සබඳතාවත්, 10 වැනි කඩුල්ලට පීටර් නෙවිල් - මිචෙල් ස්ටාර්ක් ගොඩනැගූ ලකුණු 34 සබඳතාවත් ක්‍රියාත්මක නොවන්න ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවීමට වැඩි අවස්ථාවක් තිබුණි.
නැවතත් තරගයේ දෙවැනි දිනයේ (28දා) නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ක්‍රීඩාකළ අතර, ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියේ එම දිනය ඔවුන්ට එතරම් සැනසිලිදායක දිනයක් නොවුණි. එදින නිමා වනවිට ලකුණු පුවරුව 115/5 ක් ලෙස සටහන්ව තිබූ අතර, එයට තවත් ලකුණු 93ක් පමණක් වනවිට ලකුණු 208කට ඊයේ (29දා) නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම අවසන් විය. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 187ක ඉලක්කයක් හිමිවූ අතර, එය කඩුලු 07 ක් දැවී පසුකරයාමට ඔවුහු සමත් වූහ.
තරගයේ වීරයා ලෙස ජෝෂ් හැස්ලෙවුඩ් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනාගත්තේය. මෙම ඓතිහාසික තරගයේ, තරග තීරකවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම කටයුතු කළ අතර, මෙම වසරේදී තරග තීරක තනතුරෙන් සමුගැනීම තහවුරු කර ඇති හෙයින් තරගයේන් අනතුරුව මහානාමගේ සේවය අගයා සමරු තිළිණයක්ද පිරිනැමීය.
ජෝෂ් හැස්ලෙවුඩ්
නවසීලන්තය පළමු ඉනිම 202/10 (පන්දුවාර 65.2)
ටොම් ලේතම් 50 (103, 4x7), මිචෙල් සැන්ට්නර් 31 (46, 4x7), බී.ජේ. වොට්ලින් 29 (80, 4x2), කේන් විලියම්සන් 22 (58, 4x2), රොස් ටේලර් 21 (25, 4x3), මිචෙල් ස්ටාර්ක් 3/24 (9), ජෝෂ් හැස්ලෙවුඩ් 3/66 (17.2), පීටර් සීඩ්ල් 2/54 (17), නේතන් ලයන් 2/42 (15)
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 224/10 (පන්දුවාර 72.1)
පීටර් නෙවිල් 66 (110, 4x8), ස්ටීවන් ස්මිත් 53 (114, 4x5), නේතන් ලයන් 34 (49, 4x3, 6x1), මිචෙල් ස්ටාර්ක් නොදැවී 24 (15, 4x3, 6x2)
ඩේවිඩ් වෝනර්
නවසීලන්තය දෙවැනි ඉනිම 208/10 (පන්දුවාර 62.5)
මිචෙල් සැන්ට්නර් 45 (88, 4x5, 6x1), රොස් ටේලර් 32 (32, 4x5), ඩග් බ්‍රාස්වෙල් නොදැවී 27 (40, 4x1, 6x1), මාටින් ගප්ටිල් 17 (39, 4x2), ජෝෂ් හැස්ලෙවුඩ් 6/70 (24.5), මිචෙල් මාෂ් 3/59 (14)
ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 187/7 (පන්දුවාර 51)
ශෝන් මාෂ් 49 (117, 4x6), ඩේවිඩ් වෝනර් 35 (37, 4x4), මිචෙල් මාෂ් 28 (29, 4x2, 6x1), ඇඩම් වෝග්ස් 28 (45, 4x4), ට්‍රෙන්ට් බෝල්ට් 5/60 (16), ඩග් බ්‍රාස්වෙල් 1/37 (11), මිචෙල් සැන්ට්නර් 1/8 (2)