එංගලන්තය හමුවේ ඊයේ (28දා) තමන් ක්‍රීඩාකළ තරගය සිය ජීවිතයේ ක්‍රීඩාකළ අමිහිරිම තරගය බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබූ අතර, එම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 67 ක් පමණි.
එය එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් අවම ලකුණු ප්‍රමාණයකට දැවීගිය තෙවැනි අවස්ථාව ලෙසින්ද ඉතිහාසයට එක්විය. කෙසේ නමුත් තරගයේ පරාජයට පිතිකරුවන් වැරදි පහරවල් තෝරාගැනීම හේතුවක් වූ බවද මැතිව්ස් සඳහන් කරයි.
තවදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් සඳහන් කළේ ලකුණු 67කට දැවීයාම පිළිබඳව විස්තරයක් පැවසිය නොහැකි බවයි.