ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය අසාර්ථක බවත් එකම වරද නැවත නැවත සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා (09දා) ඉන්දියාවේදී පැවැසීය.
ඉන්දීය කණ්ඩායම හා රජිව් ගාන්ධි පිටියේ පැවැති තරගයේදී ලද පරාජයෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම ප්ලවර් ප්ලේ අවස්ථාව ඉතාමත් වැදගත් බවත් මැතිව්ස් පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී දිගින් දිගටම ප්ලවර් ප්ලේ අවස්ථාවේදී අසාර්ථක වූ අතර අනිවාර්ය ප්ලවර් ප්ලේ අවස්ථාවේදී මෙන්ම පිතිකරණ ප්ලවර් ප්ලේ අවස්ථාවේදී කඩුලු වැටීම සුලබ කරුණක් බවට පෙනුණි.
“අපි එකම වරද නැවත නැවත නැවතත් සිදු නොකළ යුතුයි. අපි නැවත වරක් අපේ පිතිකරණයෙන් අසාර්ථක වුණා. ප්ලවර් ප්ලේ අවස්ථාව ඉතාමත් තීරණාත්මකයි. අවම ලකුණු සංඛ්‍යාවක් ඇතුළේ අපේ කඩුලු හතරක් බිඳ වැටුණා. ලකුණු 300 සීමාව මේ පිටියේ (රජිව් ගාන්ධි ක්‍රීඩාංගණය) අවම ලකුණු සීමාවයි. ලකුණු 242 පන්දු යවන්නන්ට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් නෙවෙයි"* යනුවෙන් මැතිව්ස් පැවැසීය.
එසේම පසුගිය තරග තුනේදී හොඳින් පිතිකරණයේ නොයෙදුණ බවත් ඉදිරි තරග සඳහා ආක්‍රමණශීලීව තරගයට පිවිසිය යුතු බවත් මැතිව්ස් පැවැසීය.
තෙවැනි තරගයේදී මහේල හා ඩිල්ෂාන් හැරෙන්නට කිසිදු පිතිකරුවෙකු සාර්ථක නොවූ බව පෙන්වා දුන් මැතිව්ස් පැවැසුවේ ජ්‍යෙෂ්ඨයන් සිය වගකීම නිවැරදිව ඉටුකළත් නවකයන්ගෙන් එවැනි තත්ත්වයක් දක්නට නැති බවත්ය.
"අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. තරග තුනේදීම අපි හොඳින් පිතිකරණයේ යෙදුනේ නෑ. අපි ධනාත්මක හා අක්රමණශීලීවිය යුතුයි. ඩිල්ෂාන් හා මහේල හොඳ සටනක් දුන්නා. අනෙක් හැම පිතිකරුවෙක්ම අසාර්ථක වුණා. ඔවුන් අසාර්ථක පහරවල් එල්ල කළා.
අපි අපේ ක්‍රිකට් ක්‍රීඩා කළොත් ලෝක කුසලානයට ඉහළ බලාපොරොත්තුවකින් යන්න පුළුවන්.ලෝක කුසලානයේදී අපිට වෙඩි තියන්න හොඳ තුවක්කු ඕන. තරුණ ක්‍රීඩකයන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඔවුන් කණ්ඩායමට සියයට සියයක් දිය යුතුයි. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතුයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට සියයට සියයක් දෙනවා. " යනුවෙන්ද මැතිව්ස් ඉන්දීය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් පැවැසීය.
ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කිරීමට අපහසු වුවත් ඉතිරි තරග දෙකේදී හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
"සූදානම් වුණත් නැති වුණත් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම අපහසුයි. ඉන්දියානු සංචාරයක් ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. ඉන්දියාවේදී ගොඩක් කණ්ඩායම් ජය ලබාගෙන නෑ. නමුත් අන්තිම තරග තුනේදී ක්‍රීඩා නොකළ අපේ ක්‍රිකට් ඉදිරි තරගවලදී ක්‍රීඩා කළ යුතුයි"
එන්.ඩී.ටී.වී. ඇසුරෙනි