එංගලන්ත 19න් පහළ කණ්ඩායම හා ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර එංගලන්තයේ පැවැති සිවුදින ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හතක විශිෂ්ඨ ජයග්රහණයක් හිමිකර ගැනිමට ඊයේ (05දා) සමත්විය.
දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය මෙය වෙන අතර කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 208ක් රැස්කළේය.
එයට පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 307ක් රැස්කළේ එංගලන්තයට වඩා ලකුණු 99ක වාසියක් සමගිනි. නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ එංගලන්ත කණ්ඩායැමට රැස්කළ හැකිවූයේ ලකුණු 192ක් පමණි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 94ක ජයග්රාහී ඉලක්කයක් හිමිවූ අතර එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ විරයා සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඉනිමේදි කඩුලු හතක් හා දෙවැනි ඉනිමේදී කඩුලු හතරක් දවා ගත්තේය.