ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඇත්තේ අවම ඉඩක් බව ඉන්දීය ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ක්‍රික්ඉන්ෆෝ පුවත්සේවය වාර්තා කරයි.
තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අනුමැතිය ලබාදුන්නත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වන තෙක් ඒ පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැත.
ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුද පවසා ඇත්තේ තරගාවලිය පැවැත්වීම ඉතාමත් අපහසු කරුණක් බවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද පවසා ඇත්තේ සිය තරගාවලිය පැවැත්වීමට ඇත්තේ අවම ඉඩක් බවයි.