සංචාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති තරග පහකින් සමන්විත වූ එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ දෙරට අතර සිකුරාදා (31දා) පැවැති පස්වන හා අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 87 ක පහසු ජයක් ලබමිනි.
තරගාවලියේ තුන්වැනි තරගය ලකුණු සම වෙමින් නිමා විය. අවසන් තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදී ලකුණු 303ක් රැස් කරමින් ඉන්දියාවට ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය.
නමුන් ඉන්දීය කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 216ක් පමණි. පිට පිටම සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළ රොස් ටේලර් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
නවසීලන්තය 303/5 (පන්දුවාර 50)
රොස් ටේලර් 102 (පන්දු 106, 4x10, 6x1)
කේන් විලියම්සන් 88 (පන්දු 91, 4x8, 6x1)
ජේම්ස් නීසාම් 34 (පන්දු 19, 4x3, 6x2)
වරුන් ආරොන් 2/60 (පන්දුවාර 10)
විරාත් කෝලි 1/36 (පන්දුවාර 7)
ඉන්දියාව 216/10 (පන්දුවාර 49.4)
විරාත් කෝලි 82 (පන්දු 78, 4x7, 6x2)
මහේන්ද්‍ර සිං දෝනි 47 (පන්දු 72, 4x3)
භුවනේෂ්වර් කුමාර් 20 (පන්දු 25, 4x1)
මැට් හෙන්රි 4/38 (පන්දුවාර 10)
කේන් විලියම්සන් 2/19 (පන්දුවාර 4)