මැලේසියාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 62 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකරගත් ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායකගේ පදක්කම රීදී පදක්කමක් දක්වා උසස් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ සංගමය තීරණය කර ඇත.
එම තරගාවලියේ රන් පදක්කම හිමිකරගත් මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් ඩිනේ අක්මාල් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දිකට මෙම අවස්ථාව හිමිව ඇත.
නව සංශෝධනවලට අනුව ඉන්දිකට හිමිවන රීදී පදක්කම මේ වසරේ ජූලි මාසයේදී ස්කොට්ලන්තයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී පිරිනැමීමට නියමිතව ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය පසුගිය වසරේ (2013) නොවැම්බර් මසදී මැලේසියාවේදී පැවැත්විණි.