තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා පෙනී නොසීටීම හේතුවෙන් බ.ඉ. කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ජැමෙයිකානු තහනම් උත්තේජක කමිටුව තීරණය කොට ඇත.
වසරක කාලයක් තුළදී තහනම් උත්තේජක පරීක්ෂණ ත්‍රිත්වයකට සහභාගි නොවීම රසල්ට එල්ල වී ඇති චෝදනාව වන අතර, මේ පිළිබඳව එළඹෙන සතියේදී විනය කමිටුවක් ඉදිරියේ මූලික පරීක්ෂණ ආරම්භ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තහනම් උත්තේජක නීති ප්‍රකාරව අදාළ පරීක්ෂණ සඳහා පෙනී නොසිටීම එම චෝදනා ඔප්පුවීමට සමාන වන අතර, මෙම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත් ඔහුට වසර දෙකක ක්‍රිකට් තරග තහනමක් පැනවෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.