ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වින ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් හට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 11වැනි තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සේවා අනාවරණය කර ඇත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කමිටුව විසින් දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත මෙම ක්‍රීඩකයන් දෙදෙනාට මාස දොළහක තරග තහනමක් පැනවීමෙන් අනතුරුවයි.
මේ සම්බන්ධව ඉන්දීය ප්‍රිමියර් ලීග කොමසාරිස් රජීව් ශුක්ලා පවසා ඇත්තේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරන කණ්ඩායම් වෙත වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරවන බවයි.
මෙම පුවත සැළවීමට පෙරාතුව ඩේවිඩ් වෝනර් විසින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් නායකත්වයෙන් ඉල්ලා අස්වූ පුවත වාර්තා විය.
වෝනර් හයිද්‍රාබාද් කණ්ඩායම 2016 වසරේදී කුසලානය කරා මෙහෙයවූ අතර 2015 සහ 2017 වසරවලදී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.
මින් දින දෙකකට පෙර ස්ටීවන් ස්මිත් දරන්නට නියමිතව සිටි රාජස්ථාන් රෝයල්ස් නායකත්වයද ආජිනක්යා රහානේ හට පවරනු ලැබීය.
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මාස නමයක තරග තහනමකට ලක්වූ බැන්ක්‍රොෆ්ට් දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය අතරතුර බෝලය පළුදු කිරීමේ වරදට හසුවීඹත් සමග, එය නායකත්ව මණ්ඩලයේ වරදක් ලෙසින් ස්ටීවන් ස්මිත් පිළිගැනීමත් සමග මෙම වාතාවරණය උදා විය.