අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්රිකට් තරගාවලියේ ජය ශ්රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.
අබුඩාබි හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දී කඩුලු 8ට ලකුණු 87ක් රැස්කිරීමට සමත්විය.
එම ඉලක්කය පන්දුවාර 7.2කදී කඩුලු දෙකක් පමණක් දැවී පසුකර යෑමට මරාටා ඇරබියන්ස් කණ්ඩායම සමත්විය.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්රී ලංකාවේ භානුක රාජපක්ෂ පන්දු 12කදී හයේ පහර දෙකක් හා හතරේ පහරක් සමගින් ලකුණු 23ක් රැස්කිරීමට සමත්විය.
මරාටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ශ්රී ලංකාවේ ලසිත් මාලිංග 18/1ක්, කසුන් රාජිත 15/1ක් ලෙස කඩලු දවා ගත්හ. දසුන් ශානක එක් පන්දුවාරයක් යොමුකළත් ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ මරාටා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු චඩ්වික් වෝල්ටන් පන්දු 26කදී ලකුණු 51ක් රැස්කරමින් තරගයේ ජයග්රහණය මරාටා කණ්ඩායම වෙත හිමිකර දුන්නේය.