ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.
මේ අනුව මාධ්‍ය අංශය (Press Box) පළමු විස්සයි20 තරගය තුළදී වසා දැමීමට තීරණය කර තිබේ.
එම සේවකයාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මෙසේ ධනාත්මක වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
දෙවැනි විස්සයි20 තරගයේ සිට නැවතත් මාධ්‍ය අංශයෙ කටයුතු ආරම්භ කරන බවත් ආසාදිත සේවකයා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.