ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් සීමිත පන්දුවාර තරගවල ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
එසේම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 11කම ක්‍රීඩකයන් තරගාවලියට එක්වීමට නියමිතය.
ලෝකයේ ඉදිරියෙන්ම පසුවන සීමිත පන්දුවාර තරගවල ක්‍රීඩකයන් වන ශකිබ් අල් හසන්, ජේම්ස් ෆොල්කනර් තරගාවලියට එක්වීමට නියමිතය.
බෙන් කටින්ග්, ටෙම්බා බවුමා යන ක්‍රීඩකයන්ට මෙන්ම මිචෙල් මැක්ලෙනහැම්, නිකොලොස් පූරනක්, මොහොමඩ් මහමදුල්ලා, රවි රාම්පෝල්, වේඩිව් වයිස්, කැලම් ෆර්ගසන් තරගාවලිය වෙනුවෙන් එක්විය හැකි බව න්වා තිබේ.
තරගාවලිය සඳහා බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, දකුනු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය යන රටවලින් ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබේ.