ලංකා ප්රිමියර් ලීග තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය දින හතරකින් කල් දැමීමට කටයුතු කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම වෙන්දේසිය නොවැම්බර් 09 දා තෙක් කල් දමා ඇත.
තරගාවලියේ කණ්ඩායම්හි හිමිකරුවන් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන තිබේ. දීපවාලි උත්සවය හේතුවෙන් මෙසේ දින වෙනස්කරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි.