ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(9) සිදු කිරීමට නියමිතව ඇත.
පසුගිය 5 වැනිදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත් එය අද දින දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබුණේ කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ක්රීඩක තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්රීඩකයින් 300 දෙනෙකු හා දේශීය ක්රීඩකයින් 300 දෙනෙකු ඉදිරිපත් වන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කර සිටියි.