මේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ස්ටීව් රිචඩ්සන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය සමග වැඩ කිරීමට අයි.සී.සීයේ කණ්ඩායමක් පැමිණ ඇති බවයි.
ඒසේම ඒල්.පී.ඒල්. තරගාවලිය දූෂණයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සමීපව කටයුතු කළ බවද ස්ටීව් රිචඩ්සන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.